බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 1-Non-Communicable Disease- 01

බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 1-Non-Communicable Disease- 01
 අධි රුධිර කොලස්ට්‍රෝල්

  • අධි රුධිර කොලස්ට්‍රෝල් කියන්නේ මොනවාටද?
කොලෙස්ට්‍රෝල් යනු අපගේ ශරීරයේ සෛල ව්‍යුහය සෑදීම සඳහා අවශ්‍ය වල සංඝටකයකි.එමෙන්ම හෝමෝන විටමින්
වැනි ශරීරයට අවශ්‍ය වන සංඝටක නිෂ්පාදනයටද කොලෙස්ට්‍රෝල් ඉතා වැදගත් වේ.අප ගන්නා ආහාරවලින් සෘජුවම එය
ලැබෙනවා වගේම අක්මාවේ තැන්පත් වී ඇති පෝෂ්‍ය කොටස් මගින්ද එය නිපදවනු ලැබේ.මුලදී සඳහන් කළ අවශ්‍යතා
සඳහා කොලෙස්ට්‍රෝල් වැය වූ පසු ඉතිරිවන කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය රුධිර නාලවල තැන්පත් වීම අධි රුධිර
කොලස්ට්‍රෝල් ලෙස හඳුන්වනු ලැබේ.එලෙස තැන්පත් වීම නිසා රුධිරය ශරීරය පුරා ගමන් කිරීමට බාධා ඇති නිසා අධි
රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාග වැනි රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩියි.


  • මෙය සෑදීම සඳහා බලපාන හේතු සාධක මොනවාද?
 මෙය සෑදීමට බලපාන සාධක වනුයේ ජානමය හේතූන්, ශරීරය තුළ ලිපිඩ ජීර්ණය වෙනස්වීම ,ස්ථූලතාවය කෘතිම ආහාර
භාවිතය, අධික තෙල් සහිත ආහාර භාවිතය, මධ්‍යසාර භාවිතය, අක්මාවේ ඇතිවුණු වෙනත් රෝග සහ උපත් පාලන පෙති
භාවිතය යන කරුණු කාරණා වේ.

ශ්‍රී ලංකාවේ 2016 වන විට අධි රුධිර කොලස්ට්‍රෝල් රෝගීන්ගේ ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා.මෙහිදී
හඳුනාගත් ආකාරයට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත සිටින අධි රුධිර කොලස්ට්‍රෝල් රෝගීන් පිළිබඳ ව වර්ගීකරණයක් සිදු කර
තිබෙනවා. ඒ පිළිබඳව දළ වශයෙන් ඔබට පහත ප්‍රස්තාර ආකාරයෙන් හඳුනාගන්න පුළුවන්.

                     
Age Range වයස් පරතරය
Percentage (%)
ප්‍රතිශතය
0-29
0.9
30-34
2.4
35-39
4.6
40-44
7.0
45-49
10.3
50-54
13.4
55-59
15.4
60+
45.8




  •  මෙය හඳුනා ගන්නේ කෙසේද?
 මෙහිදී හඳුනාගැනීම සඳහා විශේෂ රෝගලක්ෂණ නොමැත.විශේෂයෙන්ම වෙනත් රෝගයක් නිශ්චය කිරීමේදී
වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙය බොහෝ විට පරීක්ෂා කරනු ලබයි. මෙයට හේතුව වන්නේ බොහෝමයක්
බෝනොවන ලෙඩරෝග සඳහා මෙය පොදු කාරණාවක් වීමයි.එහෙත් සමහර රෝගීන්ගේ ඇසේ කහ පැහැති ලප මතුවීම,
කලු ඉංගිරිය වටා සුදු වීම වැනි ලක්ෂණ සමහර අවස්ථාවලදී දක්නට ලැබෙන අතර ඊට අමතරව විද්‍යාත්මක ක්‍රමවේද
මගින්ද මෙය සොයාගත හැක.ඒ සඳහා ලිපිඩ් ප්‍රොෆයිල්(Lipid Profile ) රසායනාගාර පරීක්ෂණය සිදු කර මෙය
සොයාගත හැක.මේ සඳහා පැය 12ක 14ක කාලයක් නිරාහාරව සිටීමෙන් පසුව ගන්නා ලේ සාම්පලයක් මගින් පරික්ෂා
කරනු ලැබේ.එහිදී පහත සදහන් කරුණු මගින් කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය නිශ්චය කරනු ලැබේ.


Total Cholesterol- සිරුර ඇති සම්පූර්ණ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය මෙමගින් දැක්වේ.
LDL - අහිතකර කොලෙස්ට්‍රෝල් මෙමඟින් දැක්වේ.
HDL - හිතකර කොලෙස්ට්‍රෝල් වේ .මෙය හොදින් පවත්වා ගැනීම හෘදයේ ක්‍රියාකාරිත්වයට උපකාර වේ . කුඩා මාළු
වැනි ආහාර ලබා මෙය වැඩි වැඩිකරගත හැක. 
TGL - මෙමගින්ද රුධිරයේ ඇති අධි රුධිර කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය නිර්ණය කරනු ලැබේ.

LDL ,TGL හෘදරෝග අතර ඉතා විශේෂ සම්බන්ධයක් පවතී .රතු මස් (Red Meat ) ආහාරයට ගැනීම තුළින්
කොලෙස්ට්‍රෝල් වැඩිවීමට ඇති හැකියාව ඉතා ඉහළය අගයක් ගනී.



  • මෙම රෝගය පිළිබඳ සමාජයේ ඇති මිත්‍යා විශ්වාස මොනවාද?
 විශේෂයෙන් ම මෙය හඳුනාගැනීමෙන් පසුව කෙටි කාලයක් ඖෂධ ගැනීම ප්‍රමාණවත් යැයි සිතනු ලැබේ.ඒ කාරණාව
සැබෑවක් නොවේ.සිදුවිය යුත්තේ අදාල ප්‍රමාණය තිබියයුතු මට්ටමට පැමිණෙන තුරු ඖෂධ ගැනීම සහ ඒ හා සම්බන්ධ
සිදුකළ යුතු අනෙකුත් ක්‍රියාකාරකම් කරමින් පාලනය කර ගැනීමයි .
 සමහර අවස්ථාවලදී මේ අධි රුධිර කොලස්ට්‍රෝල් සඳහා ලබාදෙන ඖෂධ නිසා අක්මාවට හානි වන බව සමහර
පුද්ගලයන් සමාජය තුළදී පවසයි.සිදුකර ඇති පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ එය ඉතාම අඩු හැකියාවක් බවයි.
එම නිසා බොහොමයක් කොලොස්ට්‍රෝල් සදහා තිබෙන ඖෂධ වලින් සිදුවෙන හානිය ඉතාම කුඩායි.



  •  මේ හරහා අපගේ ශරීරයට ඇතිවන අතුරු ආබාධ සහ රෝග මොනවාද
 පෙර කීවා සේ බොහොමයක් බෝ නොවන රෝග සඳහා මූලික කාරණාවක් විදිහට අධි රුධිර කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය
හඳුන්වන්න පුළුවන්ඒ. නිසා හෘද රෝග,අංශභාගය,පාදවල දිග කැක්කුම,ෆැටි ලිවර්(Fatty Liver), සිරෝසිස් වැනි රෝග අධි
රුධිර කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ අගයක් පවත්වා ගනිමින් කාලයක් සිටීම නිසා සිදුවිය හැකි අතුරු ආබාධ නැත්නම් අතුරු
ප්‍රතිඵල වේ .



  • අධි රුධිර කොලෙස්ටරෝල් ප්රමාණය අවම කරගැනීමටත් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
ලිපිඩ අඩු ආහාර වේලක් ගැනීම,මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම,එළවළු පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම,විශේෂයෙන්ම
එළවළු වල අඩංගු සමහර සංඝටක වලින් ශරීරයට අහිතකර තෙල් අවශෝෂණය වීම අඩු කරනවා.එළවළු ආහාර වේලට
එකතු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.සෑම ආහාර වේලකටම එකතු කරගැනීමට පුළුවන් නම් එය ඉතාමත්
ප්‍රතිඵලදායකයි. ඊට අමතරව ව්‍යායාම්වල යෙදීමෙන් ඊට අමතරව වසරකට සැරයක් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් පරික්ෂා කර
ගැනීම වැනි දේවල් සිදු කරන්න පුළුවන්.35ට වැඩි නම් වසරකට සැරයක් එසේ පරික්ෂා කිරීම හොඳයි.හේතුව ශ්‍රී ලංකාව
තුළ වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ වයස අවුරුදු 40න් පසුවයි.


ඉතින් මේ අද blog මම හිතනවා ඔයාලා අලුත් කියලා
මේ හරහා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාල අනිත් අයටත් බලන්න share කරන්න මොනවද දැන ගන්න
තියෙනවනම් මේ පිළිබඳව මේ පෝස්ට් එක සම්බන්ධව මොන හරි අඩු පාඩු තියනවානම් වැඩිදියුණු කරගන්න තියෙනවනං
ඒ සම්බන්ධව ඕනෑම කරුණක් කමෙන්ට් එකක් දාන්න.

Source:-www.statistics.gov.lk

Comments

Popular posts from this blog

ශරීර ස්කන්ධ දර්ශකය /Body Mass Index(BMI)

බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 02-Non-Communicable Disease- 02 දියවැඩියාව-Diabetes

Top 10 Film of Health Care