Top 10 Film of Health Care

Top 10 Film of Health Care

හොඳයි යාළුවනේ,අද මම ඔය කට්ටිය ඔක්කොටම කියන්න යන්නේ දැනට ඇති චිත්‍රපටිවලින් සෞඛ්‍ය ආරක්ෂණය
(health Caring) සඳහා වූ IMDb Rank වලින් තිබෙන හොඳම ෆිල්ම් 10 ගැන විස්තරයක්.මේ දවස් වල ගොඩක් කට්ටිය
නිවාඩු නිසා මෙම චිත්‍රපටි දහයෙන් එකක් හෝ බලන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා.අපි බලමු ඒ
චිත්‍රපටි දහය මොනවාද කියලා.


01.The Doctor (1991)-IMDb-7.0
මෙහි ප්‍රධාන චරිතය රඟපාන වෛද්‍යවරයා හට පිළිකාවක් ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව ඔහු තම රෝගීන් සමග
ළඟින් ආශ්‍රය කිරීමටත් ඔහුගේ වෘත්තියෙන් පිටත ජීවිතය සිදු වූ වෙනස්කම් සිදු වූ ආකාරය පිළිබඳව මෙම චිත්‍රපටයෙන්
නිරූපණය කරයි.මෙහි ප්‍රධාන චරිත ලෙස William Hurt,Christine Lahti,Elizabeth Perkins,Mandy Patinkin ප්‍රධාන චරිත රඟපානු ලබයි. 


02.Awake(2007)-IMDb-6.5
තමාට හෘද වස්තුවේ  සිදුවූ රෝගයක් නිසා හෘදය නැවත බද්ද කිරීමේ ශල්‍යකර්මයකට යොමුකරන ධනවත් තරුණයෙකු වටා ගෙතුණු කතාවකි.මෙහිදී ඔහු තේරුම් ගන්නා දෙයක් වනුයේ ශල්‍යකර්ම කණ්ඩායම විසින් තමාව ඝාතනය කිරීමට තැත් කරන බවයි.ඉතින් එම ශල්‍යකර්ම කණ්ඩායමක් සමඟ ගැටෙන විදිය සහ ආරක්ෂාව විදිහ මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරයි. මෙහි ප්‍රධාන චරිත ලෙස Hayden Christensen,Jessica Alba,Terrence Howard ප්‍රධාන චරිත රඟපානු ලබයි.



03.Patch Adams(1998)-IMDb-6.8
සත්‍ය කතාවක් කේන්ද්‍රකරගනිමින් නිෂ්පාදනය කර ඇති චිත්‍රපටයකි.Adams නම් ඒ පුද්ගලයා වෛද්‍යවරයකු වීමට ඇතිකරගෙන තිබූ අධිෂ්ඨානය සාර්ථක කරගනිමින් වෛද්‍යවරයකු වී හාස්‍යය සහ ව්‍යාධි උපයෝගී කරගනිමින් පෙර කිසිම වෛද්‍යවරයකු භාවිතා නොකල ක්‍රමවේද යොදාගනිමින් රෝගීන් සුව කිරීමට ඔහුට හැකියාවක් ලැබී ඔහු එයින් සාර්ථකත්වයට පත්විය.ලෝකයේ සිටින අනිත් සියලුම වෛද්‍යවරු හා වඩා වෙනස්ම ආකෘතියක රෝගීන් සුව කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින් අන් වෛද්‍යවරුන්ට වඩා ඉහළ ස්ථානයකට පැමිණි ආකාරය මෙම චිත්‍රපටය නිරූපණය වේ.මෙහි ප්‍රධාන චරිත ලෙස  Robin WilliamsDaniel LondonMonica Potter ප්‍රධාන චරිත රඟපානු ලබයි.




04.Awakenings(1990)-IMDb-7.8
වසර ගණනාවකට පෙර එන්සෙපලයිටිස් වසංගතයට ගොදුරු වූවන් එහි අතුරු ආබාධයක් ලෙස catatonic රෝගයට
ගොදුරුවී සිදුවීම මෙම චිත්‍රපටයේ දැක්වේ. මෙහිදී පරීක්ෂක කණ්ඩායමක් සහ පුද්ගලයකු මූලික කරගෙන ඒ සඳහා
ඖෂධයක් නිපදවීම මෙම චිත්‍රපටයේ නිරූපණය කරයි.එමගින් ඔවුන් නැවතත් යතා තත්වයට පත් කිරීම අරමුණයි.
ඒ අරමුණට යන විට ඔහුට ඇති බාධක හා අවහිරතා ගැන මෙම චිත්‍රපටයෙන් මූලිකව දැක්වේ.මෙහි ප්‍රධාන චරිත ලෙස  Robert De NiroRobin WilliamsJulie Kavnerප්‍රධාන චරිත රඟපානු ලබයි.

05.One Flew Over The Cuckoo’s Nest(1975)-IMDb-8.7
උමතුවූ අපරාධකරුවෙකු පරීක්ෂණයකින් අනතුරුව මානසික ආයතනයකට ඇතුළත් කිරීම සිදුවීමක් කරගත් චිත්‍රපටියකි.
එහිදී පීඩාකාරී ලෙස රෝගීන්ට සලකන හෙදියකට එරෙහිව සිදුකරන ලද කැරැල්ලක් මෙහිදී දැක්වේ.මෙහිදී බියට පත්
රෝගීන් ඇයට විරුද්ධව පෙලගසමින් උමතු අපරාධකරුවා ගෙනයන නායකත්වයට අවනත වන ආකාරය මෙහිදී
නිරූපණය කරයි.මෙහි ප්‍රධාන චරිත ලෙස  Jack NicholsonLouise FletcherWill Sampson  ප්‍රධාන චරිත රඟපානු ලබයි.



06.A Dangerous Method (2011)-IMDb-6.4
කාල් ජුන්ග් සහ සිග්මන් ප්‍රොයිඩ් අතර ඇති දැඩි සම්බන්ධතාවය මෙම චිත්‍රපටය නිරූපණය කරයි.ඒ සම්බන්ධතාව
මනෝ විශ්ලේෂණයට හේතුවන ආකාරය හා උදව් කරගන්නා ආකාරය මෙම චිත්‍රපටයේ නිරූපණය කරයි.මෙහි ප්‍රධාන චරිත ලෙස Michael FassbenderKeira KnightleyViggo Mortensen ප්‍රධාන චරිත රඟපානු ලබයි.



07.Wit(2001)-IMDb-8.0
කීර්තිමත් මහාචාර්යවරියකට ඩිම්බකෝෂ පිළිකාවක් ඇති බව දැනගත් විට ඇගේ ජීවිතය නැවත තක්සේරු කර ගනිමින්
ජීවිතය පිළිබඳව නැවත අවබෝධ කරගැනීමට සිදු කරන ක්‍රියාවලිය මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරයි.මෙහි ප්‍රධාන චරිත ලෙස Emma ThompsonChristopher LloydEileen Atkins ප්‍රධාන චරිත රඟපානු ලබයි.


08.The Painted Veil(2006)-IMDb -7.5
බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු චීනයේ කුඩා ගම්මානයක කොළරා වසංගතය ට එරෙහිව සටන් කරන සිද්ධි දාමයක් නිරූපණය
කර මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.එහිදී ඇයට හමුවන ප්‍රේමයකින් තොර විවාහයකින් විවාහයක් කරගත් නිවස
තුළ සිරවී සිටින බිරිඳක් සමග ඇතිකරගන්නා සම්බන්ධයක් මෙම චිත්‍රපටයේ නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිත ලෙස  Naomi WattsEdward NortonLiev Schreiber ප්‍රධාන චරිත රඟපානු ලබයි.




09. Untouchable(2011)-IMDb-8.5
පැරග්ලයිඩින් අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වංශාධිපතියෙකු ගැන මෙම කතාවෙන් නිරූපණය වේ.වංශාධිපතියා
රැකබලා ගැනීමට බඳවා ගන්නා තරුණයකු සහ එම වංශාධිපති අතර ඇතිවන සම්බන්ධතාවය පිළිබඳව නිරූපණය කරන
කතාවකි.මෙම චිත්‍රපටය වෙනත් භාෂාවලින් ද ලෝකය පුරා ප්‍රචලිත වී ඇත.මෙහි ප්‍රධාන චරිත ලෙස  François CluzetOmar SyAnne Le Ny  ප්‍රධාන චරිත රඟපානු ලබයි.


10.Something That Made Lord(2004)-IMDb-8.2

ලෝකයේ සිටි හෘද සැත්කම් පුරෝගාමීන් වන Alfred Blalock  සහ Vivien Thomas සිදුවන සිද්ධියක් හා සහසම්බන්ධතාවය නාට්‍යකරණය කරමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියකි.මෙහි ප්‍රධාන චරිත ලෙස Alan RickmanYasiin BeyKyra Sedgwick  ප්‍රධාන චරිත රඟපානු ලබයි.

ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හෝඳ දැනුමක් ඉහත චිත්‍රපටි ගැන ලැබුණා කියලා.ඉතින් මේ පෝස්ට් ටික කියෙව්වා නම් මේ ගැන මොනවා හරි දැනගන්න විශේෂ දෙයක් තියෙනවනම් comment එකක් දාන්න.ඒ වගේම තමයි අපේ healthy life  ෆේස්බුක් පිටුව like කරන්න. වීඩියෝ නරඹන්න healthy life You Tube Chanel එක subscribe කරන්න කියලා මම ඔය සැමට ආරාධනා කර සිටිනවා. ස්තුතියි.



Source :-IMDb


Comments

Popular posts from this blog

ශරීර ස්කන්ධ දර්ශකය /Body Mass Index(BMI)

බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 02-Non-Communicable Disease- 02 දියවැඩියාව-Diabetes