බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 02-Non-Communicable Disease- 02 දියවැඩියාව-Diabetes




බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 02-Non-Communicable Disease- 02
දියවැඩියාව-Diabetes

දියවැඩියාව යනු කුමක්ද?
  අපගේ රුධිරයේ තිබිය යුතු සීනි මට්ටමට වඩා සීනි මට්ටම වැඩි වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.  පෘථිවියේ තිබෙන සීනි මට්ටම පාලනය
කරනු ලබන්නේ අග්න්‍යාශය මගින් නිපදවන ඉන්සියුලින් කියන හෝමෝන මගිනි.මෙම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇතිවන විෂමතා නිසා දියවැඩියා  තත්ත්ව දෙකක් හඳුනාගෙන ඇත.


  •  පළවෙනි ආකාරය:-

උපතේදී සිදුවන ජාන විකෘතිතාවයන් නිසා මෙම හෝමෝන ශරීරය තුළ නිපදවීමට නොහැකි වීමෙන් මෙම තත්වය උදා වේ. මෙම තත්ත්වය
කුඩා දරුවන්ගේ කුඩා කාලයේදීම හඳුනා ගත හැකි අතර හෝමෝනය ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලෙස ලබාදිය යුතුය.


  •  දෙවැනි ආකාරය:-

අප සමාජය තුළ බහුලව දැකිය හැක්කේ මෙම වර්ගයයි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ සෛල තුළ ඉන්සුයිලින් හෝර්මෝනය සඳහා ප්‍රතිරෝධයක් ඇති වීමයි.
බොහෝ වැඩිහිටියන් තුළ මෙම රෝගී තත්ත්වය දැකිය හැක. ඉහත ප්‍රතිරෝධය ඇතිවීම නිසා ශරීරය තුළ සීනි මට්ටම ඉහළ යයි.
මෙය නිසි ලෙස ඖෂධ ලබාගැනීම තුළින් පාලනය කර ගැනීමට හැකියාව ඇත එහෙත් නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රුධිරයේ සීනි මට්ටම
අධික ලෙස ඉහළ යාම නිසා පසුකාලීනව ඉන්සුයිලින් හෝර්මෝනය දිනපතා ශරීරයට එන්නත් කරගැනීමට සිදු වනු ඇත.


 මෙම රෝගී තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?

රෝග ලක්ෂණ මගින් මෙය හඳුනාගත හැකිය රෝග ලක්ෂණ වනුයේ අධික පිපාසය ,අධික ලෙස මුත්‍රා පිටවීම ආදී රෝග ලක්ෂණ වේ.

තවද ශරීර රුධිර පරික්ෂා කිරීම මගින් මෙය හඳුනා ගැනීමට අවස්ථාවක් ඇත.

  ඉහත රුධිර පරීක්ෂාව සිදුකරන ආකාර තුනක් පවතී.

01.Random Blood Glucose Level
මෙම අගය සාමාන්‍ය පුද්ගලයෙකුගේ 200 mg/dl  ට වඩා අඩු විය යුතුය.


02. Fastly Blood Sugar Test
මෙම අගය සාමාන්‍ය පුද්ගලයෙකුගේ 126 mg/dl  ට වඩා අඩු විය යුතුය.


03. HbA1C පරීක්ෂාව
මෙම අගය සාමාන්‍ය පුද්ගලයෙකුගේ 6.5%  ට වඩා අඩු විය යුතුය.


ඉහත පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව රුධිරයේ ඇති සීනි මට්ටම එම අගයන් වලට වඩා වැඩි නම් ඖෂධ ලබාගැනීම ආරම්භ කළ යුතු අතර
එය පාලනය කර ගැනීමට වගබලා ගත යුතුය.


 දියවැඩියාව මගින් ඇතිවන අහිතකර බලපෑම්

01.  හෘදයාබාධ ඇතිවීම.
02. අංශභාගය ඇතිවීම.
03. පාදවල රුධිර ගමනාගමනය අඩු වීම.
04. පාද වල සුව නොවන තුවාල ඇතිවීම.
05. වකුගඩු, ඇස්වල සහ ස්නායු දුර්වලතා මතු වීම.


  වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග


 01.සෞඛ්ය සම්පන්න ආහාර වේලක් ගැනීම.
02. ව්යා‍යම කිරීම
 03.නියම කළ ඖෂධ නිසි ලෙස ලබා ගැනීම.
 04.සායනවලට නිතිපතා සහභාගි වීම 
05.දිනපතා පාද පරික්ෂා කිරීම
 06.වසරකට සැරයක්වත් ඇස් පරීක්ෂාවක් සිදු කිරීම.
 07.පාදවල ඇතිවන තුවාල හැකි ඉක්මනින් සුවකර ගැනීමට කටයුතු කිරීමග 


දියවැඩියා රෝගීන් ලබා ගත යුතු ආහාර







  1.  වම්බටු
  2. වැටකොළු
  3.  කෙසෙල් මුව
  4.  බෝංචි
  5. මෑ කරල්
  6.  කැකිරි
  7. පිපිඤ්ඤා
  8.  නෝකෝල්
  9. රාබු
  10. පොලොස්
  11. මුංඇට
  12. පලා වර්ග
  13. ඔලිව්
  14. බණ්ඩක්කා
  15. දබල
  16. පේර 
  17. කොල ඇපල් 
  18. කාමරංගා 
  19. ඇඹරැල්ලා 
  20. දිවුල් 
  21. නමිනං 
  22. අලිපේර 
  23. වෙරළු 
  24. නෙල්ලි



 දියවැඩියා රෝගීන් ලබා නොගත යුතු ආහාර
  1.  අල
  2. බතල
  3. කොස්
  4. දෙල්
  5. වට්ටක්කා
  6. පරිප්පු
  7. කෙසෙල්
  8. ගස්ලබු
  9. අඹ
  10. අන්නාසි
  11. පැණිකොමඩු
  12. දොඩම්
  13. මිදි
  14. රතු ඇපල්

මේ හරහා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාල අනිත් අයටත් බලන්න share කරන්න මොනවද දැන ගන්න
තියෙනවනම් මේ පිළිබඳව මේ පෝස්ට් එක සම්බන්ධව මොන හරි අඩු පාඩු තියනවානම් වැඩිදියුණු කරගන්න තියෙනවනං
ඒ සම්බන්ධව ඕනෑම කරුණක් කමෙන්ට් එකක් දාන්න.

Comments

Popular posts from this blog

ශරීර ස්කන්ධ දර්ශකය /Body Mass Index(BMI)

Top 10 Film of Health Care