බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 1-Non-Communicable Disease- 01
බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 1-N on-Communicable Disease- 01 අධි රුධිර කොලස්ට්‍රෝල් අධි රුධිර කොලස්ට්‍රෝල් කියන්නේ මොනවාටද? කොලෙස්ට්‍රෝල් යනු අපගේ ශරීරයේ සෛල ව්‍යුහය සෑදීම සඳහා අවශ්‍ය වල සංඝටකයකි.එමෙන්ම හෝමෝන විටමින් වැනි ශරීරයට අවශ්‍ය වන සංඝටක නිෂ්පාදනයටද කොලෙස්ට්‍රෝල් ඉතා වැදගත් වේ.අප ගන්නා ආහාරවලින් සෘජුවම එය ලැබෙනවා වගේම අක්මාවේ තැන්පත් වී ඇති පෝෂ්‍ය කොටස් මගින්ද එය නිපදවනු ලැබේ.මුලදී සඳහන් කළ අවශ්‍යතා සඳහා කොලෙස්ට්‍රෝල් වැය වූ පසු ඉතිරිවන කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය රුධිර නාලවල තැන්පත් වීම අධි රුධිර කොලස්ට්‍රෝල් ලෙස හඳුන්වනු ලැබේ.එලෙස තැන්පත් වීම නිසා රුධිරය ශරීරය පුරා ගමන් කිරීමට බාධා ඇති නිසා අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාග වැනි රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. මෙය සෑදීම සඳහා බලපාන හේතු සාධක මොනවාද? මෙය සෑදීමට බලපාන සාධක වනුයේ ජානමය හේතූන්, ශරීරය තුළ ලිපිඩ ජීර්ණය වෙනස්වීම ,ස්ථූලතාවය කෘතිම ආහාර භාවිතය, අධික තෙල් සහිත ආහාර භාවිතය, මධ්‍යසාර භාවිතය, අක්මාවේ ඇතිවුණු වෙනත් රෝග සහ උපත් පාලන පෙති භාවිතය යන කරුණු කාරණා වේ. ශ්‍රී ලංකාවේ 2016 වන විට අධ